March 28, 2024

අලුත් වාහන ගන්නේ බලගෙනයි: අලෙවිය තහනම් වූ ඉන්දීය වාහන වෙළෙඳපොලට?

ඉන්දියාව තුළ අලෙවිය තහනම් කළ මෝටර් රථ අපනයනය කිරීමට කිසිදු තහනමක් පනවා නොමැති හෙයින් එම මෝටර් රථ අපනයනය සඳහා ඉඩකඩක් පවතින බව වාර්තාවේ.

BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

මේ අතර දැනට නිෂ්පාදනයෙන් අනතුරුව ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන තොග ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන් වාරණයට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මෙම මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවිය තුළ තහනම් වුවද, ඒවා අපනයනය සඳහා කිසිදු තහනමක් නොමැති බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර 2016 වසර තුළ දී ශ්‍රී ලංකාවට අපනයන කර ඇති ඉන්දියානු මගී වාහනවල වටිනාකමෙහි සියයට 92 ක වර්ධනයක් සිදුව ඇති අතර ඉන්දීය මෝටර් රථ අපනයන වෙළෙඳපොළවලින් වේගයෙන් වර්ධනය වූ හොඳම වෙළෙඳපොළ 5 අතරට ද ශ්‍රී ලංකාව එක්ව තිබිණි.

Rate this item
(0 votes)