April 23, 2024

අඩුමිලට සතොසින් ආහාර මල්ලක්!

උදාවන නව අවුරුදු සමයේ දී මහජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් දෙන ලද උපදෙස් අනුව රුපියල් 1,515/-ක් වටිනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රුපියල් 975කට ලබා දීමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් 10 වන දා සිට 20 වන දා දක්වා වන කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස වෙළඳ සැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගික ජනතාවට මිල දී ගත හැකි වනු ඇත. 

කිරි පිටි, සීනි, සහල් , පරිප්පු, අල, ළූණු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මලු ලක්ෂ 10ක් පමණ මෙම කාලය තුළ පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට රජය අපේක්ෂා කරයි. 

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මහජනතාවගේ ජීවන වියදම් අඩු කර ගැනීමට සහය දැක්වීමක් ලෙස රජය විසින් මෙම පියවර ගෙන ඇත. 

රුපියල් 1515/-ක් පමණ වටිනා පහත සඳහන් අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සහන මිලට රුපියල් 975/-කට ලක් සතොස හරහා ලබා දීමට කටයුතු යොදා ඇත. මේ අනුව ආහාර මලු ලක්ෂ 10ක් පමණ මෙම අලුත් අවුරුදු කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබා දීමට අපේක්ෂා කෙරේ.

Rate this item
(0 votes)