March 29, 2024

සිංගර් අවුරුදු දීමනා රැසක්‌

පාරිභෝගික භාණ්‌ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් විසින් ළඟ එන අවුරුදු සමය වෙනුවෙන් විශේෂ අවුරුදු දීමනා රැසක්‌ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සිංගර් විසින් අලෙවි කරනු ලබන ලොව ප්‍රකට සන්නාම රැසකින් යුත් විවිධ පාරිභෝගික භාණ්‌ඩ රැසක්‌ සඳහා මෙම විශේෂ දීමනා සහ වට්‌ටම් ක්‍රියාත්මක වෙයි. මේ අතර ලොව ප්‍රමුඛ මුළුතැන්ගෙයි උපකරණ රැසක්‌ සහ ගෘහ විදුලි උපකරණ රැසක්‌ සඳහා මාස 6 ක පහසු ගෙවීමේ ක්‍රම ආදී වශයෙන් මෙම දීමනා රැසක්‌ ඊට ඇතුළත් වෙයි.

තවද ශීතකරණ සඳහා විශේෂ වට්‌ටම් ක්‍රියාත්මක අතර ලොව හොඳම සන්නාම වලින් යුත් ශීතකරණ පාරිභෝගික කැමැත්ත මත මෙහිදී තෝරා ගැනීමට අවස්‌ථාව හිමිවෙයි. පුළුල් තිර සිංගර් රූපවාහිනි සඳහා ද අසමසම වට්‌ටම් රැසක්‌ ක්‍රියාත්මක අතර වසර 3 ක වගකීමක්‌ සහිතව ඒවා ලබාගත හැකිය. එම රූපවාහිනි සමග ස්‌මාර්ට්ෆොaන් සහ ටීවී ස්‌ටෑන්ඩ් ද නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබේ. තවද මෙම උත්සව සමයේ සිංගර් වෙතින් මීලදී ගන්නා සෑම රූපවාහිනියක්‌ සඳහාම ඩයලොග් ටීවී සබඳතාවක්‌ නොමිලේ ලබාදීමට ද සිංගර් කටයුතු යොදා තිබේ.

අතිශය ජනාදරයට පත් DELL, Samsung, Huawei සහ Sony ලැප්ටොප් සහ ස්‌මාර්ට්ෆොaන් සහනදායි මිල ගණන් යටතේ ඩිජිටල් මීඩියා අංශයෙන් මිලදී ගත හැකි බව සිය පාරිභෝගිකයන් වෙත සිංගර් දන්වා සිටියි. එමෙන්ම සෑම සිංගර් ප්‍රදර්ශනාගාරයකින්ම Huawei ස්‌මාර්ට්ෆොaන් සඳහා සුවිශේෂි වට්‌ටම් රැසක්‌ ලබාගත හැකිය.

සෝෆා කට්‌ටල ආදී සිංගර් ගෘහ භාණ්‌ඩ සඳහා ද අසමසම වට්‌ටම් රැසක්‌ ක්‍රියාත්මක අතර උත්සව සමයේ නිවස කළඑළිගැන්වීම සඳහා පහසු ගෙවීමේ ක්‍රමයට මෙම ගෘහ භාණ්‌ඩ මිලදී ගැනීමට අවස්‌ථාව සැලසෙයි. විවිධ මාදිලිවල ගෘහ භාණ්‌ඩ රැසක්‌ මීට අයත් වන අතර පාරිභෝගික ඔබගේ කැමැත්ත පරිදි ඒවා තෝරාගැනීමට හැකියාව ඇති අතර අවශ්‍ය තරම් මිලදී ගැනීමට ප්‍රමාණවත් තොග සිංගර් සතුව පවතී.

Air Conditioner, Symphony Air Cooler, Singer Audio සහ Singer Fans සඳහාද පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම රැසක්‌ ක්‍රියාත්මක කෙරේ.

දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරවලදී සහ බලයලත් නියෝජිත ස්‌ථානවලදී මෙම වට්‌ටම් සහ විශේෂ වරප්‍රසාද ලබාගත හැකි අතර Samsung, Sony, Kenwood, Beko, Moulinex, Hitachi, Philips, Huawei, Singer, Sisil වැනි ලොව ප්‍රමුඛ සන්නාම රැසක්‌ සඳහා මෙම විශේෂ වට්‌ටම් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම සම්පත් ක්‍රෙඩිට්‌ කාඩ්පත් හිමියන්ට 20% දක්‌වා වට්‌ටම් සහ මාස 20 ක්‌ දක්‌වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගැනීමේ පහසුකම් සලසා තිබේ.

Rate this item
(0 votes)