March 28, 2024

හම්බන්තොට වරාය බදුදීම අත්හිටුවයි 

මතභේදයට තුඩුදී තිබෙන හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කැබිනට්‌ පත්‍රිකාවට අනුමැතිය දීම අත්හිටුවීමට පෙරේදා (28) රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද කැබිනට්‌ අනුකමිටුවේ වාර්තාව තවමත් ලැබී නැති බැවින් එම වාර්තාව ලැබෙනතෙක්‌ මෙම අත්හිටුවීම කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ මෙම කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ ගිවිසුම සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

වරාය සම්බන්ධයෙන් කැබිනට්‌ මණ්‌ඩලයේදී ප්‍රශ්න මතුකළ ඇමැතිවරුන්ට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රශ්න ඇත්නම් අදාළ කැබිනට්‌ අනු කමිටුවේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 31 March 2017 12:25