April 24, 2024

පාරිභෝගිකයින්ට නව නීති 11ක්

විදුලිබල පාරිභෝගික ආරක්ෂාව බොහෝ දුරටත් තහවුරු කිරීම සඳහා නව නීතී රීතී මාලා 11ක් මේ වසර තුළදී හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

මෙම නීතී රීතී හඳුන්වාදීමේදී හා ඒ පිළිබඳ තීරණ ගැනීමේ දී පාරිභෝගික කතිකා හරහා ඉදිරිපත් කරන යෝජනාවලට ප්‍රමුඛතාව දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව් මහතා පැවසී ය.

සභාපතිවරයා මේ බව පැවසුවේ අද(28) කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති කොමිෂන් සභාව විසින් සංවිධානය කොට තිබූ වාර්ෂික පාරිභෝගික කතිකාවේදීය. 

ප්‍රධාන විදුලි බල සේවා සැපයුම් ආයතන වන ලංකාවේ විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම, විදුලි පාරිභෝගික සංවිධාන හා ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම කතිකාවේදී විදුලිබල සේවාවේ ගුණාත්මක තත්වය ඉහළ නැංවීම හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට ගතයුතු නව නියාමණ නීතී රීතී හා පටිපාටි ආදිය පිළිබඳව ද සාකච්ඡා විය. 

ඛනිජ තෙල් හා ජල සේවා කර්මාන්තවල පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත. ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඛණිජ තෙල් හා ජල සේවා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශන එලි දැක්වීමට ද කටයුතු කරන බව සභාපති සාලිය මැතිව් මහතා තවදුරටත් පැවසීය.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 March 2017 10:25