April 19, 2024

"ආණ්ඩුව ඩොලර් මිලියන 4300 ක් පුච්චලා"

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේ වන තෙක් රුපියල අව ප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4300 ක මුදලක් නාස්තිකාර ලෙස පුච්චා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ අද (28) ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. 

වත්මන් ආණ්ඩුව බලයට පත් වු විගස මුදල් අමාත්‍යවරයා විසින් සතියක් තුළ ඩොලරය රුපියල් 130 ක් බවට පත් කර පවත්වා ගෙන යන බවට ප්‍රකාශ කර සිටිය ද අද වන විට එය රුපියල් 154 ක් දක්වා ඉහළ නැඟ ඇති බවත් එම ප්‍රකාශය සනාථ කිරීම සඳහා මහ බැංකුව විසින් ජාත්‍යන්තර සංචිතය පාවිච්චි කරමින් එහි ඇති මුදල් වෙළඳපොළට මුදා හැර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මේ වන විට හම්බන්තොට වරාය රුපියල් බිලියන 165 ක් සොයා ගැනීම වෙනුවෙන් රජය විකිණීමට සුදානම් වුවද පුච්චා දමා ඇති මුදල් තබා ගත්තේ නම් මෙවන් ඛේදවාචකයක් අත් නොවන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 March 2017 10:25