April 20, 2024

ලංකාවෙන් පිටව යන සංචාරකයන්ට සමරු තිළිණයක්

සංචාරකයන් අතර ශ්‍රී ලංකා තේ වල අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමේදී සමරු තිළිණයක් ලෙස ගුවන් තොටුපොලේදී නොමිලේ තේ පැකට් ලබා දීමට රජය සූදානම් වෙයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධනය සහ අලෙවිය සඳහා වූ අරමුදලින් රුපියල් මිලියන සීයක් යොදාගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ශ්‍රී ලංකා තේ අලෙවි කරනු ලබන ප්‍රධාන තේ සන්නම් නාම හිමිකරුවන් කිහිප දෙනෙකුගේ ද දායකත්වය ඇතිව, සංචාරකයින් අතර ශ්‍රී ලංකා තේ වල අනන්‍යතාව යළි මතු කර ලීමට සහ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳ හැඟීම ඔවුන් තුළ වැඩිදියුණු කර ලීම පිණිස, අනර්ඝ තත්ත්වයේ ශ්‍රී ලංකා තේ, තෝරාගත් රටවල්වල ගුවන් මගීන් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේදී සමරු තිළිණයක් වශයෙන් නොමිලේ ලබා දීමට යෝජනා වී ඇත. 

ඒ සමඟ ශ්‍රී ලංකා තේවල අද්විතීය ගුණාංග හා සිය රටවලදී ශ්‍රී ලංකා තේ මිල දී ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු ඇතුළත් පොත් පිංචක්ද ලබා දෙනු ඇත. 

 

Rate this item
(0 votes)