April 20, 2024

ශීත සෘතුවේ සංචාරක පැමිණීමේ වර්ධනයක් 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ශීත සෘතුවේ සංචාරකයිගේ පැමිණීම යහපත් බවත් එහි වර්ධනයක් පවතින බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ බලයලත් නිලධාරීහු කියති.

ඒ අනුව බටහිර යුරෝපීය ජාතිකයින්, රුසියානු ජාතිකයින්, චීන ජාතිකයින් වැඩි වශයෙන් පැමිණෙන බව වාර්තා වේ.

එලෙස පැමිණෙන විදේශිකයින් සිය සංචාරක කාලය දිගු කරගෙන ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ වැඩි කාලයක් ගත කරන බවත් ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ සභාපති ජයතිස්ස කෙහෙල්පන්නල මහතා සඳහන් කළේ ය.

මෙම කාලයේ දී කාමර පහසුකමක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයී රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරු ව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි ලෙස ව්‍යාප්ත ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තියත් ශ්‍රී ලංකාවේ  ජනතාවට සහ ලාංකේය සංවර්ධනය සඳහා එය මහත් රුකුලත් වී ඇති බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)