April 19, 2024

එක් ආරෝපණයකින් සැතපුම් 200 ක් යන නවතම නිසාන් ලීෆ් රථයේ මිල මෙන්න

පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම Nissan LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී.

එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් පවසයි.

Teslaහි Model 3 හා GM හි Chevy Bolt EV මොටර් රථ සඳහා තරඟකාරී නිෂ්පාදිතයක් ලෙසින් එළිදකින මෙහි මිල ඇමරිකානු ඩොලර් 35,000 ක් පමණ වන බව කියැවේ.

Rate this item
(0 votes)