April 25, 2024

චීනයේ දැවැන්තම වෛද්‍ය උපකරණ සමාගමක් ලංකාවට

සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සඳහා විදේශීය ආයෝජන 23 ක් ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ආයෝජන යටතේ නව රෝහල් ආරම්භ කිරීම හා රෝහල් සංවර්ධනය කිරීම ද ඇතුළත් වන අතර  ඖෂධ නිෂ්පාදනය මෙන්ම ශල්‍ය උපකරණ නිෂ්පාදනය ද එම ආයෝජන අතර වේ.

ඒ අනුව සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය සියලුම උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදීමට මැලේසියානු සමාගමක් එකඟත්වය පළ කර ඇත. ගෙවීම් කාලය වසර 20 ක් වන අතර ඉතා උසස් තත්ත්වයේ උපකරණ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර චීනයේ දැවැන්තම වෛද්‍ය ශල්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවේ ශල්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. 

එහිදී ශල්‍ය උපකරණ භාවිතය පිළිබඳව ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවකයින් දැනුවත් කිරීමට ද චීන රජයේ ශල්‍ය උපකරණ සමාගම සහ වෛද්‍යවරුන් මෙහිදී පොරොන්දු විය.

 

Rate this item
(0 votes)