April 20, 2024

ලබන වසරේ උග්‍ර ඖෂධ හිඟයක්?

දිවයින පුරා රජයේ රෝහල්වල ලබන වසරේදී (2019) උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර 2018ට අවශ්‍ය ඖෂධ ඇණවුම් කළ යුත්තේ මේ වසරේ (2017) ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම නමුත් මේ දක්වා ඇණවුම් කර ඇත්තේ අවශ්‍ය ඖෂධ වලින් සියට දහයකට අඩු ප්‍රතිශතයක් බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

වසර 2018ට අවශ්‍ය ඖෂධ වර්ග 2000ක් පමණ වන අතර ඒවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇණවුම් කිරීමේදී මාස 11ක පමණ කාලයක් ගතවන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම ප්‍රමාදය හේතුවෙන් ලබන වසරේ පිළිකා, දියවැඩියා, අධිරුධිර පීඩනය, හෘද රෝග ඇතුළු බෝනොවන රෝග රාශියකට ඖෂධ නොමැති වනු ඇතැයි සැක පහළ වී ඇත.

මෙසේ ඖෂධ ඇණවුම් කිරීම් ඇතැම් නිලධාරීන් හිතාමතා ප්‍රමාද කරන බවත්, ඒ හේතුවෙන් ප්‍රාදේශීය ඖෂධ මිලදී ගැනීම් හරහා විශාල කොමිස් මුදලක් ඔවුන්ට හිමිකර ගැනීමේ අදහසක් ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 March 2017 15:35