April 20, 2024

මධුසමය ගතකිරීමට ලොව හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

විවාහ සහ මධුසමය සඳහා ලොව හොඳම ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ඒ සුඛෝපභෝගී සංචාර මෙහෙයවන ආයතනයක් වන Kuoni විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි. 

2016 Kuoni වාර්තාවට අනුව මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම ස්ථාන 10 අතරින් ශ්‍රී ලංකාවට 5 වැනි තැන හිමිව තිබූ අතර 2017 වාර්තාවේ දී එය 3 වන ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.

තවද විවාහ උත්සව සඳහා 2016 වසරේ ලොව හොඳම ස්ථාන 10 අතුරින් 8 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2017 වසරේ දී 4 වන ස්ථානය දක්වා ඉහලට ගොස් ඇත.

2016 හා 2017 වසරවල දී එක්එක් රටවල් ලබා ඇති ස්ථාන සඳහන් වන අදාළ වාර්තාවේ සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.

විවාහ උත්සව සඳහා ලොව හොඳම තැන්

මධුසමය සඳහා ලොව හොඳම තැන්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 March 2017 15:43