April 26, 2024

අඩු මිලට එන නවතම හොන්ඩා මෝටර් රථය වෙළෙඳපොළට - මිල ගණන් මෙන්න

February 27, 2017

තවත් නවතම සුපිරි මෝටර් රථ අත්දැකීමක් ලබා දීමට හොන්ඩා සමාගම ඉදිරිපත් වී සිටී.

ඒ පසුගියදා එළිදක්වන ලද සිය නවතම නිෂ්පාදිතය වූ හොන්ඩා City 2017 මෝටර් රථයෙන් පසුවයි.

ඒ අනුව Honda WR-V මෝටර් රථය ලබන මාර්තු 16 වන දා ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත අතර රාජස්තානයේ, ටපුකාරා කර්මාන්තශාලාවේ දී මෙම මෝටර් රථය නිෂ්පාදනය කරයි. 

හොන්ඩා නාමයෙන් එන කුඩාම මෝටර් රථය වන මෙය hatchback crossover මාදිලියට අයත් මෝටර් රථයක් ලෙසින් සමාගම විසින් හඳුන්වනු ලබයි.

පසුගිය වසරේ බ‍්‍රසීලයේ සාවෝ පාවුලෝ මෝටර් රථ ප‍්‍රදර්ශනයේ දී පළමුවරට මෙම රථය එළිදැක්වුණු අතර එම වසරේ දීම ඉතා ඉක්මනින් මෙය ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන බවට ඉඟි පළ විය.

මේ හා සමාන මාදිලියේ මෝටර් රථ මාදිලිවන Ford EcoSport, Maruti Suzuki Vitara Brezza, Hyundai i20 Active හා Toyota Etios Cross සඳහා ඉතා ඉහළ තරඟාකාරීත්වයක් ලබා දීමට Honda WR-V සමත්වනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉන්දියානු මුදලින් රුපියල් ලක්ෂ 7 ත් 10 ත් අතර මිලකට මෙය මිල දී ගත හැකිවනු ඇතැයි වාර්තා වේ.


Honda WRV Interior

Honda WRV Engine Specifications

Honda WRV Dimensions

 

Rate this item
(2 votes)
Last modified on Monday, 27 February 2017 10:15