April 18, 2024

2016 දී රුපියල 3.8% කින් කඩා වැටිලා

February 23, 2017

පසුගිය වර්ෂයේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 3.8 කින් පිරිහීමට ලක්‌ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‌ෂ ආචාර්ය යූතිකා ඉන්ද්‍රරත්න මහත්මිය පැවසුවාය.

මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඇය මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එසේම මේ වසරේ (2017) පෙබරවාරි 07 වැනි දින දක්‌වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6 කින් පිරිහී ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

2016 වසරේදී රුපියල ජපන් යෙන් මුදලට සාපේක්‌ෂව සියයට 7 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‌ෂව සියයට 1.7 කින් ද පිරිහීමට ලක්‌ව තිබේ. 

ඉකුත් ජනවාරි මස අග වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 කට සීමා වී ඇති බව ද ඇය කීවාය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 February 2017 17:31