March 28, 2024

පිළියන්දල මහජන බැංකුව අළුත් තැනක

පිළියන්දල මහජන බැංකුව හා පීපල්ස් ලීසිං නගර ශාඛාව සඳහා ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ විවෘත කෙරිණි.

අතිනවීන තාක්ෂණය මුසු වූ සුවිශේෂී සේවාවන් රැසක් පිළියන්දල ජනතාවට ද ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කෙරුණි. එහි මුල් තැන්පතු කිහිපය ද භාරගන්නා ලද්දේ ජනාධිපවරයා විසිනි. 

නව ශාඛාවෙන් පළමු පීපල්ස් ලීසිං සේවාව ලබා ගත් ගනුදෙනුකරුට හිමි වාහනයේ යතුර ද ජනාධිපතිවරයා අතින් භාර දුන්නේය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ, මහජන බැංකුවේ හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ගාමිණී සේදර සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)