April 20, 2024

මිහින් ලංකා නව සභාපති වැඩ අරඹයි

මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් නිශාන්ත රණතුංග මහතා පසුගිය 21 වැනි දා කොළඹ පිහිටි කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

පොල්තෙල් පහන් දල්වා සර්ව ආගමික ආශිර්වාදය මධ්‍ය යේ මිහින් ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් නිශාන්ත රණතුංග මහතා වැඩ භාර ගත්තේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් නිශාන්ත රණතුංග මහතා  පත්කර ඇතැයි  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර රුබේරු මහතා පසුගිය දා පැවසී ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරයද දරන රණතුංග මහතා ඊට සමගාමීව මිහින් ලංකා සමාගමේද කටයුතු කරනු ඇත.

Rate this item
(0 votes)