April 24, 2024

පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්..

ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඒ අනුව ප්‍රතිගැනුම් අනුපාතිකය සියයට 6.5ක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

ප්‍රතිවිකුණුම් අනුපාතිකය පවතින්නේ සියයට 8ක් ලෙසයි. සාර්ව ආර්ථික සාධක නිවැරදිව හැසිරීම හේතුවෙන් පොලී අනුපාත වැඩි කිරීමේ අව්‍යයතාවයක් නොමැති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)