April 25, 2024

කොළඹ-නුවර අධිවේගියට මුදල් ලැබෙයිද?

යෝජිත නුවර-කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හෙවත් උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් මුදල් ලබාදීම සඳහා රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකඕ (Takehiko Nakao) මහතා විසින් මේ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කොළඹ වරායේ ඉදිකිරීම් පිළිබඳව තමා සතුටට පත්වන බවත් ලංකාවට වෙළඳාම දියුණු කිරීම සඳහා හොඳ අවස්ථාවක් තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථික වර්ධනය පිළිබඳව සතුට පළ කරන  ඒ මහතා පෙන්වා දෙන්නේ කළාපයේ වැඩි වර්ධන වේගයක් අත්පත් කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වසරේදී හා ලබන වසරේදී සියයට 7.5 ක පමණ ආර්ථික වර්ධනයක්
ලබාගනු ඇති බවයි.

යුද්ධයට මැදිව තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආර්ථික වර්ධන වේගය රටේ සෙසු පළාත්වල වර්ධන වේගය මෙන් දෙගුණයක් වී තිබීම ද අවධානයට යොමු කෙරිණි.

Rate this item
(0 votes)