March 29, 2024

කුඩා රක්ෂණ ආයතන ඒකාබද්ධ විය යුතුයි.

කුඩා පරිමාණයේ රක්ෂණ ආයතන ඒකාබද්ධ වී විශාල රක්ෂණ ආයතන බිහි කිරීම තුළින් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් දීර්ඝ කාලීනව රක්ෂණ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට හැකි වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ස්ථාවර රක්ෂණ ආයතන ජනතාවගේ විශ්වාසය ඇති කරන අතර දියුණු වන ලෝකයට රක්ෂණ ආයතන වැදගත් බවද මේ තුළින් රක්ෂණ ආයතනවලද සුරක්ෂිතබාවය තහවුරු වෙන බව සඳහන්.

මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන ඒකාබද්ධ රක්ෂණ ආයතන ජීවිත හා සාමාන්‍ය ලෙසින් වර්ගීකරණය කරන ලෙස රක්ෂණ නියාමකයාන් විසින් නියෝග කර ඇති අතර ඒ හරහා ද කුඩා රක්ෂණ ආයතන ඒකාබද්ධ වීම සඳහා සහ‍යෝගයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.

මේ අතර  AIG රක්ෂණ ආයතනය ලංකාවේ ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීම සඳහා ද බලපා ඇත්තේ මෙවැනි සිදුවීම් බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)