April 25, 2024

රජය විරැකියාව අඩු කරන්නේ මෙහෙමයි ලූ..

රැකියා සඳහා පවතින අවශ්‍යතාව සැපිරීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක් ඉක්මවා පෞද්ගලික අංශය පවත්වා ගෙන යාමට අපේක්ෂිතයි. එසේම නැගෙනහිර පළාතේ විරැකියාව 3.1% දක්වා අඩු කිරීමටද අපේක්ෂා කෙරෙයි. එම ඉලක්කය සපුරා ගැනීමට නැගෙනහිර පළාතේ විශේෂ වැඩසටහන් සිදු කෙරෙමින් පවතී.

නැගෙනහිර නවෝදය වැඩසටහන සඳහා රජය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාසල් හැර ගිය පිරිස වෙත වෘත්තීය පුහුණුව ලබාදීම, පිහිටුවා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 20ක් පමණ දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබීම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල විෂයයන් 28ක් පමණ ක්‍රියාත්මක කරමින් පාසල් හැරගිය පිරිසට දැනුම ලබාදීම ඒ අතර වෙයි.

නැගෙනහිර පළාතට ආසන්න අග්නිදිග විශ්වවිද්‍යාලය හා හාඩි කාර්මික විද්‍යාලය නවීකරණය කිරීම, පාසල් 1,000 වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාසල් 32ක් සඳහා භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කිරීම, වාලච්චේන වැනි ධීවර වරායන් ප්‍රතිසංස්කරණය හා දිවි නැඟුම මගින් පහසුකම් සැලසීම, ගම නැඟුමෙන් යටිතල පහසුකම් හා සුළු වාරිකර්මාන්තය සංවර්ධනයටද පියවර ගැනීම, දැයට කිරුළ මගින් කඩිනම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මඩකලපුව කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත පුරයක් පිහිටුවීමත්, හෝටල් සඳහා පුද්ගලික අංශය දිරිගන්වමින් රැකියා ඉඩප්‍රස්ථා සැලසීම හා පාසිකුඩා, කල්කුඩාහි සංචාරක කලාප බිහිකිරීම තුළින් ඉලක්ක සපුරා ගැනීමට නියමිතයි. 

රජයේ දැක්ම 2016 වනවිට ඵලදායී රැකිය අවස්ථා ඇති කරමින් ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 3.2% දක්වා අඩු කිරීම බවත්, එවිට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව 2013 වර්ෂයේ 3.7%ක් වන විරැකියා අනුපාතය තවදුරටත් පහත වැටෙන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)