April 24, 2024

තොරතුරු තාක්‍ෂණ උද්‍යානය 2016 දී..

සූරියවැව ක්‍රීඩාංගණය ආසන්නයේ ඉදිකිරීමට යන තොරතුරු තාක්‍ෂණ උද්‍යාන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3ක් පමණ වැය වන බව විදුලි සන්දේශ නියාමන කොමිසම පවසයි. දළ වශයෙන් වර්ග අඩි 200,000කින් යුක්ත මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කාරයකුට ලබාදී ඇති බවත් වසර 2ක් තුළදී එම ඉදිකිරීම් අවසාන කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලි සන්දේශ නියාමන කොමිසම පැවැසුවේය.

මෙම තොරතුරු තාක්‍ෂණ උද්‍යානය තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ සමාගම් සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙන අතර දැනටමත් එවැනි සමාගම් රැසක් සිය ව්‍යාපාරික කටයුතු මෙම උද්‍යානයේ ස්ථාපිත කිරීමට කැමැත්ත පළකර ඇති බව විදුලි සන්දේශ නියාමන කොමිසම වැඩිදුරටත් පැවැසුවේය.

Rate this item
(0 votes)