April 20, 2024

එළවළු මිලත් ඉහළ යන ලකුණු..

මේ දිනවල වෙළඳපොලේ එළවළු මිල ගණන් සීග‍්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ පැවති වැසි සහිත කාලගුණය සහ එළවළු ගොවීන් එම වගා කටයුතුවලින් ඉවත්වීමද මෙලෙස එළවළු මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ. ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් සඳහන් කළේ සෑම එළවළු කිලෝවකම තොග මිල රුපියල් 50 ඉක්මවා ඇති බවයි. ඒ අනුව, උඩරට සහ පහත රට සියලූම එළවළු වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ කැරට් තොග කිලෝවක් රුපියල් 160 ත් 170 ත් අතර මිලක පවතින අතර බීට්රූට් සහ බෝංචි පිළිවෙලින් රුපියල් 110 සහ රුපියල් 140 යන මිල ගනන්වලින් අලෙවි කෙරෙනවා. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වූවහොත් එළවළු වෙළඳපොල දැඩි අර්බුදයකට මුහුණපාන බවද වාර්තා වේ.

Rate this item
(0 votes)