March 29, 2024

වල්ලාපට්ටා ගෘහාශ්‍රිතව වගා කිරීමේ උත්සහයක්

වල්ලාපට්‌ටා ශාඛය වාණිජ මට්‌ටමින් ගෘහාශ්‍රිතව වගා කිරීමේ විභවයන් සොයා බැලීම සඳහා සදාහරිත වැවිලි සමාගම ජාතික පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වන විද්‍යා අධ්‍යයනාංශය සමග එක්‌ව පර්යේෂණයක්‌ දියත් කර ඇත.
වල්ලාපට්‌ටා සම්බන්ධයෙන් පැතිර යන පදනම් විරහිත වෙළෙඳපොළ වටිනාකම් පිළිබඳ අසත්‍ය තොරතුරු හේතුවෙන් ඉවක්‌ බවක්‌ නොමැතිව සිදුවන වල්ලාපට්‌ටා සංහාරය රට තුළ දැවැන්ත ව්‍යසනයක්‌ සහ සමාජ උවදුරක්‌ ලෙස පැතිර යමින් පවතින බැවින් මේ පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වන විද්‍යා අධ්‍යනාංශය ජාතික පර්යේෂණ ආයතනයේ සහ සදාහරිත වැවිලි සමාගමේ සහාය ලබා ගනිමින් මෙම පර්යේෂණය දියත්ව ඇති අතර ශ්‍රී ලංකා රජය සහ සදාහරිත වැවිලි සමාගම මේ සඳහා මූල්‍යාධාර සපයයි.

Rate this item
(0 votes)