මේ වසරේ (2014) මුල් මාස පහේදී මෙරටට චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 136.9 කින් වර්ධනය වී තිබේ.ඒ අනුව මේ වසරේ මුල් මාස පහේදී චීන සංචාරකයන් 43885 ක් දෙනෙක් පැමිණ ඇති අතර ගිය වසරේ (2013) මුල් මාස පහේදී මෙරටට පැමිණි චීන සංචාරකයන් ප්රමාණය 18316 දෙනෙකි.
ඉකුත් මැයි මාසයේදී පමණක් චීන සංචාරකයන් 7082 ක් පැමිණ ඇති අතර එම සංචාරක පැමිණීම දෙවැනිවන්නේ ඉන්දියාවට පමණක් බවද ඒ අනුව චීනය සාම්ප්රදායික සංචාරක වෙළෙඳපොළක් වන එංගලන්තය අභිබවා මැයි මාසයේදී දෙවන ස්ථානයට පත්ව ඇතැයි ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පැවසීය.