April 20, 2024

ප්‍රථම මැටි භාණ්ඩ කෞතුකාගාරය 19දා සිට..

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැටි භාණ්ඩ කෞතුකාගාරය එළඹෙන 19 වැනිදා විවෘත කිරීමට නියමිතයි.

බියගම විජේසේකරපුර මැටි කර්මාන්ත මධ්‍යස්ථාන පරිශ්‍රයේ, බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන මෙම මැටි භාණ්ඩ කෞතුකාගාරයෙහි කැලණි මිටියාවතේ මැටි භාණ්ඩ මෙන්ම, කර්මාන්තය සඳහා භාවිත කළ සහ කරන උපකරණද, මැටි කර්මාන්ත ඉතිහාසය සහ කර්මාන්තයේ විකාශනය පිළිබඳ තොරතුරු ද ඇතුළත් බව කියැවෙයි.

බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සංකල්පයක් අනුව මෙම මැටි භාණ්ඩ කෞතුකාගාරය ඉදිකොට ඇති අතර, මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

 

Rate this item
(0 votes)