April 25, 2024

යාපනයට සංස්කෘතික මධ්‍යස්ථානයක්.

ඉන්දීය රජයේ ආධාර ඇතිව, රු.බිලියන 1.2 ක් වැයකරමින් යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, මෙම ඉදිකිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරියේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සිංහ මහතා විසින් සිදුකරන ලදී.

උතුරු පළාත් ජනතාවට සංස්කෘතික සහ කලා කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකරදීම මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරිමේ අරමුණ බව පැවසේ. 600 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහා ආසන පහසුකම් සහිත පේ‍්‍රක්‍ෂකාගාරයක්, සම්මන්ත‍්‍රණ ශාලා, භාෂා විද්‍යාගාර, පුස්තකාල, අධ්‍යයන පාඨමාලා පැවැත්වීමේ පහසුකම් සහ සංස්කෘතික කෞතුකාගාරයකින් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සමන්විත වේ. සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්ම සැලසුම ප‍්‍රවීණ වාස්තු විද්‍යාඥ මධුර පේ‍්‍රමතිලක මහතා විසින් නිර්මාණය කර තිබේ.

 

Rate this item
(0 votes)