April 16, 2024

භාණ්ඩ නිෂ්පාදන හා අලෙවි ගම්මානයක් යාපනයට 

යාපනයේ කයිතඩි හි ඉන්දියානු රජයේ ආධාර යටතේ සම්ප‍්‍රදායික කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන හා අලෙවි ගම්මානයක් පිහිටුවීමට සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කටයුතු කර තිබේ.

මෙම ගම්මානය, කයිතඩිහි පිහිටා තිබෙන තල් පර්යේෂණ ආයතනය ඉදිරිපිට පිහිටුවීමට කටයුතු කරන අතර, ඒ සඳහා අක්කර 5 ක භූමිභාගයක් වෙන් කොට ඇත. 

පසුගිය 15 වැනි දා එම භූමි භාගය නිරීක්‍ෂණය කළ අමාත්‍යවරයා, මෙම ගම්මානය ඉදිකිරීම සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 20ක අධාර ලබා දී ඇති බවත් ශ‍්‍රී ලංකා රජයෙන් තවත් රුපියල් මිලියන 8ක් යොදා මිලියන 28ක වියදමින් මෙය ආරම්භ කරන බව ප‍්‍රකාශ කළේය. 

ඉදිරි සති දෙකකින් ඉදිකිරීම් ආරම්භ කරන අතර, සය මසක් තුළ මෙම ගම්මානයේ වැඩ කටයුතු අවසන් කරන බවත් මෙම ගම්මානයෙන් සිය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ තල් සංවර්ධන මණ්ඩලය මෙන්ම කාර්මික සංවර්ධන මණඩලයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

 

Rate this item
(0 votes)