April 24, 2024

19 වැනි දා චීනයේ ව්‍යාපාරිකයින් ලංකාවට..

චීනයේ මුල් පෙළ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් 20 දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමක් එළැඹෙන 19 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතයි.

ඒ ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා සොයාබැලීම අරමුණු කරගනිමින්.

කණ්ඩායමේ නියෝජිතයෝ කෘෂිකර්මාන්තයට සම්බන්ධ යන්ත්‍රෝපකරණ හා ඒවායේ අමතර කොටස්,ගල් කඩන යන්ත‍්‍ර, අඩු විදුලියක් වැය වන විදුලි පහන්, හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ විවිධ යන්ත්‍රෝපකරණ ආදී ක්ෂේත‍්‍රයන් නියෝජනය කරයි.

එම ක්ෂේත‍්‍රයන් හා සම්බන්ධව ශී‍්‍ර ලංකා වෙළද ව්‍යාපාරිකයින් හමුවීමටද ඔවුන් අපේක්ෂා කරයි.

Rate this item
(0 votes)