April 19, 2024

2016 යේදී සොයා ‍බෝංචි ආනයනය නැවතීමට පියවර..

සෝයා බෝංචි වගාවෙන් රට ස්වයංපෝෂිත කිරීමට පියවර ගත යුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසායි.ගොවියාට නියත මිලක් ලබාදෙමින් මෙම වගාව රට තුළ ව්‍යාප්ත කිරීම තුළින් නිෂ්පාදන ‍ක්ෂේත්‍රයේ වැඩි ප්‍රතිලාභ හිමිකර ගැනීම එහි අරමුණු වේ.

සෝයා බෝංචි වගාවෙන් රට ස්වංපෝෂිත කිරීම පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.

අතිරේක භෝගයක් ලෙස වගාකළ හැකි සෝයා බෝංචි සෘජුව පරිභෝජනයට ගත නොහැකි භෝගයක් වන අතර, එය කාර්මික භෝගයක් ලෙස පිළිගැනෙයි. කෙසේ වෙතත් මෙරට පරිභෝජනයට අවශ්‍ය සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 215,000 න්, මෙරට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 80,000ක් පමණයි.

ඒ අනුව, 2016 වනවිට අවශ්‍ය සම්පූර්ණ සෝයා බෝංචි ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට රජය සැලසුම් කර ඇති බව සඳහන් වේ.

Rate this item
(1 Vote)