April 23, 2024

දියවැඩියා රෝගීන්ට සපත්තුවක්

දියවැඩියාව රෝගීන්ට උචිත මෘදු සැබෑ සමෙන් සකසන ලද විශේෂිත සපත්තු සමූහයක් ඩී.අයි. හෙල්දි නමින් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.සුමට සැබෑ සමින් නිෂ්පාදිත මෙම සපත්තු වැඩෙන දෙපයට සුවපහසුව මෙන්ම කැසීම් ඇති නොවන ලෙසට සකසා තිබේ. 

මනා තාක්‍ෂණ දැනුමකින් යුත් තාක්‍ෂණ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයකින් සමන්විත සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය ඉදිරි කාලයේදී තවත් විශේෂිත වූ සපත්තු වර්ග රාශියක්ම වෙළෙඳපොළට හඳුන්වා දීමට බලාපොරොත්තුවේ.දියවැඩියා රෝගීන්ගේ කකුල්වල තුවාල සහ ආසාදන හට ගන්නා ස්ථාන පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඇතුළත ඉතා සුවපහසුව වාතාශ්‍රය ලැබෙන පරිදි නියම සම් යොදා නිපදවා ඇත. 

Rate this item
(0 votes)