April 18, 2024

චෙන්නායි නුවරින් තරු පහේ හෝටලයක්..

මෙරට සුප්‍රකට සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් මැනේජ්මන්ට්ස් (දකුණු ඉන්දියා) සමාගම ඉන්දියාවේ චෙන්නායි නුවරින් නවතම තරු පහේ හෝටලයක් මිලදී ගෙන තිබේ.

කාමර 143 කින් සමන්විත මෙම තරු පහේ හෝටලය මිලදීගෙන තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලකටයි.

එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් මැනේජ්මන්ට්ස් (දකුණු ඉන්දියා) සමාගමේ කොටස් වලින් සියයට 49 ක් එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමටත් සියයට 51 ක කොටස් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමටත් අයත් වේ.

Rate this item
(0 votes)