March 29, 2024

ශ්‍රී ලංකාවේ තාක්ෂණය දියුණු කරන්න චීනයෙන් ඩොලර් මිලියනයක්.

ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනයට සහ පර්යේෂණ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක ආධාර මුදලක් ලබාදීමට චීන රජය එකඟ වෙයි.

ශ්‍රී ලංකාවේ ආහාර තාක්ෂණය, කෘෂිකර්මය, දේශගුණ හා කාලගුණ විද්‍යා තාක්ෂණය, අධිතාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, රොබෝ ඉංජිනේරු තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය වැනි උසස් තාක්ෂණ ක්‍රමවේද සංවර්ධනයට අවශ්‍ය දැනුම, විද්වත් හුවමාරුව, පර්යේෂණ සහ මූල්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන බවට චීන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය වැන් ගැන්ග් මහතා එකඟ වී ඇත.

පසුගිය ජුනි 06 වන දා සිට 09 වන දා දක්වා චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මින්ග් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවති චීන දකුණු ආසියාතික විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරුන්ගේ සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡාවකට එක් වූ චීනයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය වැන් ගැන්ග් මහතා මෙසේ ප්‍රකාශ කොට ඇත.

ඊට අදාල අවබෝධතා ගිවිසුම් ඉදිරි මාස 04 ඇතුළත ශ්‍රී ලංකාවේ දී අත්සන් තැබීමට කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Rate this item
(1 Vote)