March 29, 2024

ලීසිං පොලී අනුපාත තව දුරටත් අඩු කෙරේ..

ලීසිං වෙළෙඳ පොළේ අයකරන අඩුම වාරික මුදල තමන් විසින් මේ වන විට අයකරනු ලබන බව ලීසිං පොලී අනුපාත තවදුරටත් අඩුකරමින් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. බැංකුව සඳහන් කරන්නේ ගනුදෙනුකරුවන්ට අලුත් ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී ලීසිං පහසුකම් ලබාගැනීමටත් ලියාපදිංචි කළ වාහන මිලදී ගැනීමේදී කුලී පිට ගැනුම් පහසුකම් ලබාගැනීමටත් අයැදුම් කළ හැකි බවයි.

මීට අමතරව යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහාද බැංකුව ලීසිං පහසුකම් ලබාදෙයි. මේ අනුව ලියාපදිංචි නොකළ වාහනයක් මිලදී ගැනීම සඳහා වසර 5ක ලීසිං පහසුකමක් ලබාගැනීමේදී සෑම රුපියල් 100,000කටම රුපියල් 2,202ක වාරික මුදලක් අයකරන බව කොමර්ෂල් බැංකුව පවසයි. ලියාපදිංචි කළ වාහන සඳහා වසර 5ක කුලීපිට ගැනුම් පහසුකමක් ලබාගැනීමේදී සෑම රුපියල් 100,000ක් සඳහාම අයකරන වාරික මුදල රුපියල් 2,350කි. මීට අමතරව ලියාපදිංචි කළ නොකළ වාහන මිලදී ගැනීම සඳහා බැංකුව පෞද්ගලික ණය දෙයි. බැංකුව සඳහන් කරන්නේ තීරු බදු රහිතව නව වාහන මිලදී ගැනීමේ බලපත්‍ර හිමියන්ටද මෙම ලීසිං හා ණය පහසුකම් විවෘත වන බවයි.

Rate this item
(0 votes)