April 20, 2024

වරාය ගණුදෙනු තව දුරටත් කඩිනම් වෙයි.

අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට තම ව්‍යාපාර කටයුතු ඉතා ඉක්මනින් සහ බාධාවලින් තොරව සිදුකර ගත හැකි නව ක්‍රියාවලියක් සඳහා සම්පත් බැංකුව  ශ්‍රී  ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව නවීනතම බැංකු තාක්‍ෂණයන් ඔස්සේ ගෙවීම් පියවීම් කඩිනම් කිරීමට පියවර ගෙන ඇත. සම්පත් බැංකු ශාඛා ඔස්සේ ගනුදෙනු පියවීම මඟින් ඉතාම අඩු කාලසීමාවක් තුළ නැව් බඩු නිදහස් කරගත හැකි වන අතර ශ්‍රී  ලංකා වරාය අධිකාරිය නිකුත් කරන ඉන්වොයිස් අංකය ඉදිරිපත් කිරීමෙන් අදාළ ගනුදෙනුව සිදු කළ හැකිය.

වරාය කටයුතු සම්බන්ධ ගෙවීම් පියවීම් පහසුකම් සිදුකිරීමට ශ්‍රී  ලංකාවේ ප්‍රථම වතාවට පෞද්ගලික බැංකුවක් යොදාගත් අවස්ථාව මෙය වන අතර ශ්‍රී  ලංකා වරාය අධිකාරිය එය කළමනාකරණය කිරීමට සම්පත් බැංකුව යොදා ගනී.

සම්පත් බැංකුව ශ්‍රී  ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ ශ්‍රී  ලංකා රජයේ e - Sri Lanka වැඩපිළිවෙළේ තවත් දිගුවක් ලෙස සැලැකේ. 

 

Rate this item
(0 votes)