March 29, 2024

මඩකලපුවෙනුත් දැන් "ශ්‍රී ලංකන් ගුවන්" අවශ්‍යතා සපුරාගන්න..

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නවතම ශ්‍රී ලංකන් විකුණුම් කාර්යාලය මඩකලපුව නගරයේදී විවෘත කරන ලදී. කොළඹින් බැහැරව සිටින පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් පිහිටුවන ලද 8 වැනි විකුණුම් කාර්යාලය මෙය වේ. එසේම නැගෙනහිර පළාතේ පාරිහෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ත්‍රිකුණාමලය නගරයේද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාලයක් මේ වනවිටත් ස්ථාපිත කර තිබේ.

නැගෙනහිර පළාතේ ජනතාවට සෑම අලෙවි කටයුත්තක් සඳහාම සෘජුව සහභාගීවීමේ අවස්ථාව සලසමින් විවෘත වූ මේ කාර්යාලය තුළින් සංචාරක ක්‍රම පහසු කිරීම සඳහා අවශ්‍ය සියලුම කාර්යයන් එකම ස්ථානයකින් කරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවනු ඇති බව පැවසෙයි.

මෙම නව කාර්යාලය නො. 373 ත්‍රිකුණාමලය පාර,  මඩකලපුව දරණ ස්ථානයේ පිහිටා ඇති අතර වැඩිදුර තොරතුරු 065-2229888, 065-2228122 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකි බවත්, සතියේ දිනවල පැය 08.15-17.00 දක්වාත්, සෙනසුරාදා දින පැය 08.15-12.30 දක්වාත් මෙය විවෘතව පවති.

 

Rate this item
(0 votes)