April 20, 2024

ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික යාන්ත්‍රණය කොරියාව එක්කත්

G20 කණ්ඩායමට අයත් ලෝකයේ 15 වන විශාලතම ආර්ථිකය හිමි දකුණු කොරියාව, ශ්‍රී ලංකාවේ පළමු ඒකාබද්ධ ආර්ථික යන්ත්‍රණය බිහි කිරීමට සැරසෙයි.ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් ඉහත ඉල්ලීම සිදු විය.

මේ වන විටත් ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර බදු ද්වී ගණනය වැළැක්වීම සඳහාත් ආයෝජන ප්‍රවර්ධනය සඳහාත් ගිවිසුම් ක්‍රියාත්මක වේ.ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දෙන ඇ.ඩො.මි. 200ක මූල්‍ය හා තාක්ෂණික සහයෝගය නැවත වතාවක් ලබා දීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

මීට අමතරව දෙරට අතර ඒකාබද්ධ වෙළඳ හා ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ද යෝජනා විය.

Rate this item
(0 votes)