April 25, 2024

790 වැනි නැණසල මධ්‍යස්ථානය අද පොළොන්නරුවට.

790 වැනි නැණසල මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද පොළොන්නරුව තඹලවැව ජිනේන්ද්‍රරාමයේදී විවෘත කිරීමට නියමිතයි. ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට පොළොන්නරුව වෙත පැමිණ ඇති බව පොළොන්නරුව අප වාර්තාකරු සඳහන් කළා.

ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක  ‘නැණසල දහස’ වැඩසටහන යටතේ මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත වන බව  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ  නියෝජිතායතනය සඳහන්කරයි.අන්තර්ජාල පහසුකම් සහිත ‍නවීන තොරතුරු තාක්‍ෂණ අංගෝපාංගයන්ගෙන් මෙම නැණසල මධ්‍යස්ථානය සමන්විත වෙයි.

විදුලිසංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතයි.

පොළොන්නරුව දිස්ත්‍රිකයේ මේ වනවිට ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන 27 කි.

Rate this item
(0 votes)