March 29, 2024

යාපනයට සංස්කෘතික මධ්‍යස්ථානයක්

ඉන්දීය රජය රුපියල් බිලියන 1.2 ක් වැය කරමින් යාපනයේ ඉදිකිරීමට යෝජිත සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (09) ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේ දී සිදු විය.  

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් වයිකේ සිංහා මහතා එම ගිවිසුම අත්සන් කළහ.

උතුරු පළාත් ජනතාවට සංස්කෘතික සහ කලා කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කරදීම එම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරිමේ අරමුණ වේ. 

පුද්ගලයින් 600 ක් සඳහා ආසන පහසුකම් සහිත පේ‍්‍රක්ෂකාගාරයක්, සම්මන්ත‍්‍රණ ශාලා, භාෂා විද්‍යාගාර, පුස්තකාල, අධ්‍යයන පාඨමාලා පැවැත්වීමේ පහසුකම් සහ සංස්කෘතික කෞතුකාගාරයකින් එය යුක්ත වේ.

Rate this item
(0 votes)