April 19, 2024

වරායේ ගනුදෙණුවලට සම්පත් බැංකුව

නිරන්තරව සිදු කරන තාක්‍ෂණික නවෝත්පාදනයන් මගින් දේශයේ හෙට දින එළිය කරන සම්පත් බැංකුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය  සමග එක්‌ව වරාය කටයුතු ආශ්‍රිත ගනුදෙනුවලට අදාළ ගෙවීම් පියවීම් කඩිනම් කිරීම උදෙසා අවශ්‍ය සියලු පහසුකම් නවීනතම බැංකු තාක්‍ෂණයන් ඔස්‌සේ සපයයි. තාක්‍ෂණික නවෝත්පාදනයන් රැසක්‌ හඳුන්වාදුන් ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන සම්පත් බැංකුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්‌ව හඳුන්වා දෙන මෙම කඩිනම් ගෙවීම් පියවීම් පද්ධතිය මගින් අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට තම ව්‍යාපාර කටයුතු ඉතා ඉක්‌මනින් සහ බාධාවලින් තොරව සිදු කර ගත හැකිය.

වරාය කටයුතු සම්බන්ධ ගෙවීම් පියවීම් පහසුකම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පෞද්ගලික බැංකුවක්‌ යොදාගත් අවස්‌ථාව මෙය වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය එය කළමනාකරණය කිරීමට නව්‍ය බැංකුකරණයේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුවද යොදා ගැනීමට තීරණය කළේය

Rate this item
(0 votes)