April 25, 2024

තීන්ත ගැන ප්‍රදර්ශන කුටියක් 

ඩියුලක්ස් ආයතනය තීන්ත සම්බන්ධයෙන් වූ ‘The Architect 2014’ නමින් ප්‍රදර්ශන කුටියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වා තිබේ.

ආස්ක් ඩියුලක්ස් නමින් උපදෙස් ලබා ගැනීමේ ප්‍රදර්ශන කුටියක් එලෙස නිර්මාණය කර තිබුණි.

තීන්ත මිශ්‍ර කර ගන්නා ආකාරය සහ ඒවාට අදාල ක්‍රම උපායන් පිළිබඳ එහි දී දැනුවත් කිරීම් සිදු කර ඇත.

ගත වූ අගෝස්තු මාසයේ ඇක්සෝ නොබෙල් පේන්ට්ස් පුද්ගලික සමාගම (AkzoNobel Paints Lanka Pvt Ltd) එය එළි දක්වා තිබේ.

එම ප්‍රදර්ශන කුටිය තුළ දී නිර්දේශිත සේවා සහ පාරිභෝගිකයින් සම්බන්ධ කර ගන්නා ආකාරය සහ අන්තර්ජාලය මගින් වෙළෙඳ සේවා ඉටු කර ගැනීමේ ස්ථාන, වර්ණ උපදේශකත්වය සහ උළුවහු පඩි වර්ණ ගැන්වීමේ උපදෙස් ලබා දී අතැයි වාර්තා වේ.

එසේ ම තීන්ත කර්මාන්තය සම්බන්දයෙන් පාරිභෝගිකයින්ට පුහුණුවක් ලබා දීමට ද ඔවුන් තීරණය කර තිබේ.

Rate this item
(0 votes)