April 25, 2024

එළවළු සහ මාලු මිලෙහි වැඩි වීමක්.

වෙළඳපොලේ වියළි මිරිස්වල මිල සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කළේ දේශීය වගා කෙරෙන වියළි මිරිස්වල අඩුවක් පවතින හෙයින් මෙලෙස වියළි මිරිස් මිල ඉහළ ගොස් ඇති බවයි.පසුගිය කාලයේදී වෙළඳපොලේ වියළි මිරිස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 150 ත් 170 ත් අතර මිලකටයි. නමුත් මේ වනවිට එය 250 ත් 300 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.ගොවීන් අමු මිරිස් වගාවට යොමුවීම නිසා වෙළඳපොලට වියළි මිරිස් ලැබීමේ අඩුවක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් තොග කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 240 -250 ත් අතර මිලකටයි.කෙසේ වෙතත් වෙළඳපොලෙහි මේ වන විට පවතින එළවළු සහ මාලු මිල ගණන් පසුගිය සති අන්තයට වඩා වැඩී වීමක් දක්නට ලැබෙනවා.දිවයිනේ පවතින අයාහපත් කාළගුණය ඊට බලපාන බවයි ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කළේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 09 June 2014 09:20