April 24, 2024

පාරම්පරික වී කිලෝවකට රුපියල් 60ක්

කාබනික පොහොර යොදා වගා කළ වසවිසෙන් තොර පාරම්පරික වී වර්ග කිලෝවක් රුපියල් 60 බැගින් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.

මෙවර පාරම්පරික වී කිලෝග්‍රෑම් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ අස්වැන්නක් රටට ලැබී ඇති බවත් ඉදිරි සතියේ සිට එම වී මිල දී ගැනීම ආරම්භ කරන බවත් ජනාධිපති උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පාරම්පරික වී  කිලෝග්‍රෑම් මිලියන දහයක් පමණ මිල දී ගැනීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා  සමෘද්ධි බැංකු හරහා මුදල් ලබාදෙන බවත් රතන හිමියෝ පැවසූහ.

එමෙන්ම වසවිස නැති රටක් වැඩපිළිවෙළ යටතේ ප්‍රාදේශිය මට්මමේ ප්‍රදර්ශන රට පුරා පවත්වන බවත් එහි මීළඟ අදියර ලෙස අප්‍රේල් මස 08, 09 සහ 10 දිනවල නුවරඑළියේ දී එම ප්‍රදර්ශනය පවත්වන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එමෙන්ම යල කන්නය වල්නාශකවලින් තොරව වගා කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය උපකරණ අදිය බෙදාදීම් වරින්වර සිදුකරන බවද රතන හිමියෝ පැවසූහ.

වසවිස නැති රටක් උතුරේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේශ්වරන් මහතා මනා පැහැදීමක සිටින බවත් ඉදිරියේ දී උතුරේ ද මෙම වැඩපිළිවෙළ සාර්ථක ව පවත්වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

 

Rate this item
(0 votes)