April 26, 2024

දුප්පත්කම පිටුදකින්න උතුරු පළාතටත් විදාතා මධ්‍යස්ථාන

විදාතා හෙවත් ගමට තාක්ෂණය පැවරීමේ වැඩසටහනක් 2004 වසරේදී ආරම්භ වූයේ විද්‍යා හා තාක්ෂණය ගමට ගෙනයාමේ අරමුණෙන් ජාතික මට්ටමේ වැටසහටනක් ලෙසිනි.

ඒ අනුව තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන ආයතන, තාකෂණවේදීන්, විද්‍යාඥයින් සමඟ ගම්බද ජනතාව හා ව්‍යවසායන් සම්බන්ධ කිරීමේ යාන්ත‍්‍රණය ගොඩනැගීමත් ඒ හරහා විද්‍යාහා තාක්ෂණය ගම්බදව ප‍්‍රචලිත කිරීමෙන් ස්වයං රැකියා අවස්ථාවන් වැඩිකිරීමත් අඩුවියදමකින් උසස් භාණ්ඩ නිෂ්පාදනයට අවස්ථාව සලසමින් ගම්බද ජනතාවගේ ආදයම් මාර්ග ඉහළ නැංවීම හා දුප්පත්කම තුරන් කිරීම මෙහි මූලික අපේක්ෂාව වේ.

මේවනවිට දිවයිනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 266ක විදාතා මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර ප‍්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය මගින් හා විද්‍යාවේදී උපාධිධාරියෙකු මගින් මෙම මධ්‍යස්ථාන පාලනය වේ.

මෙම වැඩසටහනේ තවත් පියවරක් ආරම්භ කරමින් උතුරු පළාත තුල විදාතා මධ්‍යස්ථාන දෙකක් නල්ලූර් සහ සන්දිලිපායියන ප‍්‍රදේශවල පසුගියදා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. 

 

Rate this item
(0 votes)