March 28, 2024

දඹුල්ලෙන් මැසිවිලි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපාන අධික වර්ෂාමය තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික
මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත බැස තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ඇති පිවිසුම් මාර්ග
වැසි ජලයෙන් අවහිරවී ගංවතුර තත්ත්වයන් ඇතිවීම මීට බලපා ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන
ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත සැපයෙන එළවළු තොග මිලදී ගැනීමට පැමිනෙණ ව්‍යාපාරිකයන් අඩු වීම මත මෙම තත්ත්වය ඇති වී තිබේ.මේ නිසා දඹුල්ල ගොවීන් මෙන්ම දඹුල්ලට එළවළු සපයන අනෙකුත් ගොවීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුව ඇති බවද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 June 2014 14:30