April 16, 2024

මෙරට ආයෝජන ගැන තායිලන්තයේ අවධානයට.

තායිලන්තයේ ප‍්‍රත්‍යාසන්න රාජ්‍යයන්හි ආර්ථික සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ නියෝජිත පිරිසක්  මුදල් අමාත්‍යාංශයේදී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

 

එම සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාවේ සිදුවන වේගවත් සංවර්ධන කටයුතු, ආයෝජන ඉඩ ප්‍රස්ථා මෙන්ම, ශ්‍රී ලංකාව ආයෝජකයන්ට සලසා ඇති ආයෝජන ඉඩ ප්‍රස්ථා යනාදිය අමාත්‍යවරයා විසින් දීර්ඝ වශයෙන් විග්‍රහ කරන ලදී. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ලබා තිබෙන ප්‍රගතිය මෙන්ම අලුතෙන් ගොඩනැගෙන සංචාරක හෝටල්, මෙරට නගර සංවර්ධනය ගැනද අමාත්‍යවරයා මෙම නියෝජිතයන්  සමග සාකච්ඡා කළේය. මීට අමතරව, විශේෂයෙන් උතුරු නැගෙනහිර සිදුවන නව සමාජ ආර්ථික පිබිදීම ගැනද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

 

මෙම අවස්ථාවට තායිලන්ත සංවර්ධන ඒජන්සියේ සහාපති නෙවින් සෙන්සිරි, ව්‍යාපෘති මෙහෙයුම් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ රැපිපැට් ප්‍රොම්නාට්, ප්‍රතිපත්ති ක්‍රමසම්පාදන අධ්‍යක්ෂිකා හටායිටාට් මහසුකෝන්, ප්‍රතිපත්ති  ක්‍රමසම්පාදන පට්ටනාකිට් රට්මානිබෝඩිඩ්ට් හා තායින්තයේ ශ්‍රී ලංකා තානාපති නොප්පෝර්න් අද්චාරියාවනිච් යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වූහ.

 

Rate this item
(0 votes)