March 29, 2024

ශ්‍රී ලංකා ටෙලිකොම් රුපියල් මිලියන 984 ක බදු පෙර ලාභ ලබයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහය 2014 මුල් කාර්තුව තුළ ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව
6% ක වර්ධනයක් සමඟ රු. බිලියන 15.3 ක ආදායමක් වාර්තා කර ඇති බවත් සමාගම් සමූහයේ සියලුම
මෙහෙයුම් ඛණ්ඩ මෙම වර්ධනයට දායක වී ඇති බවත් පැවසෙයි.

එහිදී සමාගම් සමූහයේ මෙහෙයුම් පිරිවැය වසරින් වසර 13% ක වැඩිවීමක් සහිතව රු.බිලියන 11.1ක් ලෙස
වාර්තා කරන බවත් 2007/ 2008 වර්ෂවලදී IPTV පද්ධති ආනයනය කිරීම සම්බන්ධව සිවිල් නඩු කටයුත්තක
විසඳුම් ප්‍රතිඵලයක් වශයෙන් දැරිය යුතු වූ රු. මිලියන 673 ක ගාස්තුව මෙහෙයුම් පිරිවැයට එක් වීම මෙම වැඩිවීමට
බොහෝසෙයින් බලපා තිබේ.

Rate this item
(1 Vote)