April 24, 2024

අයහපත් කාලගුණයෙන් එළවළු මිලට බලපෑම් 

කන්ද උඩරට ප‍්‍රදේශවල වගා කරන එළවළුවල මිල මේ වනවිට ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

එළවළු ලැබීමේ අඩුවක් පවතින ද බව දඹුල්ල, මීගොඩ සහ කැප්පෙටිපොල යන ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරණ භාරය සඳහන් කරයි.

ඒ අනුව අර්තාපල්, කැරට්, බෝංචි, තක්කාලි සහ බීට්රූට් වැනි එළවළු වර්ගවල කිලෝග‍්‍රෑමයක තොග මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇත.

එම ප‍්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ද ඊ හේතු වී ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)