April 19, 2024

අල ගොවියෝ අසරණ වෙති

මෙවර යල කන්නයේ දේශීය හා විදේශීය බීජ අර්තාපල් මිල ඉහළ යාම හේතුවෙන් ඌවේ අර්තාපල් ගොවීහු දැඩි අසීරුතාවයට පත් ව ඇති බව වාර්තා වේ.

දේශීය අර්තාපල් බීජ කිලෝ ග්‍රෑම් 01 ක මිල රුපියල් 9,000.00 ක් පමණ බවත් ආනයනික බීජ අර්තාපල් බීජ කිලෝ ග්‍රෑම් 01 ක මිල රුපියල් 13,500.00 කට වැඩි බවත් ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.

එලෙස මිලෙන් ඉහළ ඇතැම් අර්තාපල් බීජ ප්‍රමිතියෙන් තොර බවට ගොවියෝ පෙන්වා දෙති.

බලධාරීන් මැදිහත් වී තමන්ට උසස් තත්ත්වයේ අර්තාපල් බීජ ලබා දෙන ලෙස ගොවීහු ඉල්ලීම් කරති.

ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)