April 25, 2024

විනිමය පාලන රෙගුලාසි තව දුරටත් ලිහිල් කෙරේ.

මෙරට විනිමය පාලන රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන
තිබේ. එම ක්‍රියාමාර්ග මැයි මස 28 වැනි දා සිට ක්‍රියාත්මක වෙනු ඇති. මෙම ක්‍රියාමාර්ගය
තුළින් ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා
කෙරෙයි.

මෙසේ ලිහිල් කර ඇත්තේ පහත සඳහන් විනිමය රෙගුලාසිය.

01 ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්වල ණයකරවල විදේශීය ආයෝජකයන් විසින් ආයෝජනය
     කිරීම සඳහා වන අවසරය.

02 විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් (EFTC) ලබා ගැනීම සඳහා වන සුදුසුකම් පුළුල් කිරීම.

03 විදේශ සංචාරක කාඩ්පත් නිකුත් කිරීම

04 නේවාසික විදේශ විනිමය උපයන්නන් සඳහා නව පහසුකම් වැඩිදියුණු කිරීම.

05 විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් සඳහා වන අවම තැන්පතු අවශ්‍යතාවය ඉවත් කිරීම

06 ශිෂ්‍ය වීසා ලබාගැනීම සඳහා ජීවන වියදම් ප්‍රේෂණය කිරීම.

07 සැපයුම්කරුවන් විසින් ආනයනකරුවන් වෙත ණය පහසුකම් ලබා දී‍මේදී පැවැති කාලසීමා
      ඉවත් කිරීම.

08 ණයවර ලිපි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 June 2014 17:35