April 19, 2024

ලංකා බැංකුවෙන් සිහිනවලට ණය.

ලංකා බැංකුව සිය පෞද්ගලික ණය සේවා සැපයුම් තව දුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව රජයේ සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ස්ථීර සේවකයන්ට , ලයිස්තුගත පෞද්ගලික සමාගම්වල රුපියල් 30000 ට වැඩි වැටුපක් සහිත සේවකයන්ට හෝ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන රුපියල් 50000 ට වැඩි වැටුපක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලංකා බැංකුව මෙම පෞද්ගලික ණය වරප්‍රසාදය හිමිකර දී ඇත. මෙහිදී වසර 5 ක ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාවක් සහිතව අවම සේවා ගාස්තුවක් සහ වෙළඳපොළෙහි අඩුම පොළිය සහිතව මෙම පහසුකම සපයනු ලබයි. මෙම ණය සැලසුම මඟින් නිවාස ඉදිකිරීම්, රථ වාහන මිල දී ගැනීම් සහ විවාහ උත්සව වැනි අවශ්‍යතා සහ නොයෙකුත් සිහිනවලට අවශ්‍ය මුල්‍ය පහසුකම් සපයා දෙයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 03 June 2014 16:12